අපි ඉගෙන ගන්න කාලේ ලමයින්ට වතුර බොන්න Art Room එක ගාව වතුර ටැප් පේලියක් තිබුනා. ටැප් එක ඇරල අත අල්ලගෙන අතට පිරෙන්න වතුර අපි එකදිගට බොනවා. ඒ ටැප් පේලිය තාමත් තියෙනවද? ඒ ටැප් පේලියේ පෝලිමට වතුර බීපු අපි අද විසිරිලා. අහම්බෙන් අපි එක එක තැන් වලදී මුණගැහෙනවා. ඒ වෙලාවට අතීත සිදුවීම් මතක් කරල පුදුම ආශ්වාදයක් ලබනවා. සමහර යාලුවෝ අද දැක්කම පුදුම හිතෙනවා, සමහර අය අදුරන්න බැරි විදියට වැඩිහිටියෝ වෙලා, සමහර අය තාමත් ඒ විදිහමයි. අපි අපි අතර හංගන්න දේවල් නැහැ. බොරුවට පෙන්නන්න දේකුත් නැ. මොකද අපි ඔක්කොම එක පාසලේ ඉගෙන ගත්තේ, එක කෑම එක එකට කෑවෙ. අද මොන තනතුර දැරුවත් අපි ඔක්කොම සමානයි. cambrians.net එක හරහා අපි මේ උත්සාහ කරන්නෙත් විසිරිලා ඉන්න අදි ශිෂ්‍යයෝ පුලුවන් තරම් එකතු කරගන්න. අපි ලබල තියෙන ජීවිතේ විදගන්න පුලුවන් වාරුව තියෙන කාලයෙන් බාගයකටත් වැඩි කාලයක් ගතවෙලා ඉවරයි. ඒ නිසා තව දුරටත් කල්ගත කරන්නෙ නැතුව අපි අපට හැකි අයුරින් නැවතත් ඒ සහෝදරත්වයෙන් එකට බැදී ආඩම්බර වෙන්න පුලුවන්, සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් හදගන්න ඔනේ. ඒ සදහා පලමු පියවර වශයෙන් ඔබගේ, ඔබේ යහලුවන්ගේ විස්තර පහත Form එකේ පුරවන්න.
B'day
Same As Permenant Address
O/L class
A/L class
Upload Passport Size Image         (3.5 cm x 4.5 cm)
Refresh
cmjjvb